Dhamsuwa Meditation Centre

zoom_log side x50
WHO WE ARE

Dhamsuwa Meditation Centre

As another significant step of Buddhist meditation Association of Australia efforts to disseminate Dhamma, Dhamsuwa Meditation Centre with the leadership of Ven. I. G. Pasadika Thero established at 285 Clonbinane Rd, Clonbinane, VIC, 3658 under the patronage of Sri Kalyani Yogashrama Forest Monastic Tradition of Sri Lanka.

As the preliminary stage, our centre will be a Monk’s residence and an online broadcasting station for meditation programmes which in the near future will be moved to a suitable location and premises away from existing Buddhist Centres.

Since then the newly established centre will serve as a Monks residence and Centre for online teaching and practice of meditation in both English & Sinhala Online broadcasting station supporting dhamma learning, research and meditation practices. Currently, we are not conducting any public gatherings in our monks’ residence and therefore we conduct all our programs/events at hired venues.    

In the future, we wish to build a centre with the ability and approach to provide resources for dhamma & meditation needs of the multicultural community.

For residential meditation practice needs until such time a suitable premise is established, we have got the kind and most respected patronage of Ven. Wegodapola Wimalagnana Maha Thero to utilise facilities of Bhaddeka Viharee Aranya Senansana, at 1855, Westernport Rd, Ripplebrrok, VIC, 3818 which is another branch of Kalyani Yogashrama Forest Monastery in Sri Lanka.

තිලෝගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ උත්තරීතර සදහම් දේශණය දේශ දේශාන්තරයන්හි විහිදුවාලමින්, ලෝ වැසි දනන් ඒ උතුම් ධර්මයේ සුවයෙන් සනසන්නට අප දරන ව්‍යායාමයෙහි තවත් එක් පියවරක් සනිටුහන් කරමින්, පුජ්‍යපාද ඉහල ගොකරැල්ලේ පාසාදික ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වය යටතේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අභිනවයෙන් ස්ථාපිත කරන ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථානුබද්ධ ධම්සුව ආරණ්‍ය සේනාසනය 285, Clonbinane Rd, Clonbinane, VIC, 3658 යන ලිපිනයෙහි ආරම්භ කරන වගයි.

මූලික අදියර යටතේ සංඝාවාසය සහ අන්තර්ජාලය හරහා භාවනා වැඩසටහන් විකාශනය කෙරෙන මධ්‍යස්ථානයක් වශයෙන් ඉහත ලිපිනයෙහි ආරම්භ කෙරෙන අප ආරණ්‍ය සේනාසනය මීළඟ අදියර වශයෙන් වසර කිහිපයකදී වඩා සුදුසු භූමිභාගයක ස්ථාපිත කෙරෙන අතර ඒ දක්වා කාල පරාසය තුළ නව මධ්‍යස්ථානය;

  • මහා සංඝරත්නයට වැඩ වාසය කිරීම සඳහා සංඝාවාසයක්.
  • අන්තර්ජාලය හරහා ඉංග්‍රීසි සිංහල යන මාධ්‍ය දෙකෙන්ම භාවනා ඉගැන්වීමේ කටයුතු සහ ධර්මය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්.
  • භාවනාව සහ ධර්මය අධ්‍යයනය සඳහා අන්තර්ජාලය හරහා පර්යේෂණාත්මක සහාය ලබා දෙන මධ්‍යස්ථානයක්.
  • කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් සැදුම් ලත් බහු සංස්කෘතික නැඹුරුතාවයෙන් යුක්තව ධර්මය පුරුදු කිරීම සඳහා අවැසි මූලාශ්‍ර සපයන මධ්‍යස්ථානයක්.

වශයෙන් කටයුතු කරන අතර නේවාසික භාවනා පුහුණුව සඳහා අතිපූජනීය වෑගොඩපොල විමලඥාන ස්වාමීන්වහන්සේ ගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේම ශාඛාවක් වන 1855, Westernport Rd, Ripplebrook, VIC, 3818 හි පිහිටි බද්දක විහාරී ආරණ්‍ය සේනාසනය වෙත යොමු කරනු ලැබේ.

Scroll to Top